Saturday, March 3, 2012

Windows 8 Consumer Preview ගැන කෙටි විස්තරයක්..

Windows 8 Consumer Preview කියන්නෙ මොකක්ද කියල දැනටමත් ගොඩක් දෙනෙක් දන්න දෙයක්. මම අද ඔයාලට කියන්න හදන්නෙ Windows 8 Consumer Preview ගැන කෙටි විස්තරයක්..

Microsoft සමාගම Windows XP වලින් පස්සෙ Windows Vista හා Windows 7 යන මෙහෙයුම් පද්ධති 2 හදුන්වා දුන්නා. නමුත් මේ මෙහෙයුම් පද්ධති දෙක සමහර තැන් වලින් වෙනස් වුණත් ටිකක් එකවගේ මෙහෙයුම් පද්ධති දෙකක්. මේ මෙහෙයුම් පද්ධති 2කට පස්සෙ වෙනස්ම විදිහකට Windows 8 සෑදීමේ පළමු පියවර ලෙස Windows Developer Preview ගිය අවුරුද්දෙ නිකුත් කරා.

Windows 8 වල දෙවන පියවර ලෙස Microsoft සමාගම පසුගිය දිනවලදී Windows 8 Consumer Preview නැතහොත් Windows 8 පාරිභෝගික දැක්ම එළිදැක්වූවා.
Windows 8 Consumer Preview එළිදැක්වීම

මෙහිදී අපිට දකින්න ලැබෙන ප්‍රදාන වෙනස්වීම තමා Metro Style Stat Menu එක


Windows 8 Consumer Preview සමගම Microsoft සමාගම තමන්ගෙ අථත් App Store එකද හදුන්වා දුන්නා.
මෙම App Store එක මගින් තමන්ට කැමති ඇප්ස් අන්තර්ජාලයෙන් ලබාගෙන Install කරගත හැක.


අපි ජංගම දුරකථනයක් පාවිච්චි කරනවා වගේ අපිට Windows 8 Consumer Preview භාවිතා කරන්න පුථවන්. අපේ Emails බලන්න Facebook, Twitter Updates ඉක්මනින්ම බලාගන්න Whether, News, Games Photos, Messages වගේ ගොඩක් සේවාවන් මේ මෙහෙයුම් පද්ධතිය භාවිතයෙන් ඉක්මනින් කරගන්න පුථවන්. ඔයාලට මේ Windows 8 Consumer Preview ගැන තවත් දැනගන්න පුථවන් පහල වීඩියෝ එක බැලීමෙන්.



පහල දාලා තියෙන්නෙ Windows 8 Consumer Preview වලට අවශ පරිගණක පද්ධති අවශ්‍යතා

  • 1 GHz or faster processor
  • 1 GB RAM (32-bit) or 2 GB RAM (64-bit)
  • 16 GB available hard disk space (32-bit) or 20 GB (64-bit)
  • DirectX 9 graphics device with WDDM 1.0 or higher driver
  • 1024 x 768 minimum screen resolution

ඩවුන්ලොඩ් කරගන්න බලාපොරොත්තු වෙනවනම් පහල ඩවුන්ලොඩ් බොත්තම ක්ලික් කරන්න.




මම Windows 8 Consumer Preview ඩවුන්ලොඩ් කරගත්තා. මටනම් අවුලක් නෑ. කැමති කස්ටිය ඩවුන්ලොඩ් කරගන්නකො. තවත් පෝස්ට් එකකින් හමුවෙමු.


3 comments:

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.