Monday, February 21, 2011

Password Reset Disk එකක් හදමු..


Password Reset Disk එකක් කියන්නේ අපේ පරිගණකයේ පාස්වර්ඩ් එක අපිට අමතක වුණු වේලාවක, අපේ පරිගණකයේ කීබෝඩ් එකේ යම් දෝශයක් අතිවණාම අපේ පරිගනකයට පාස්වර්ඩ් එකක් දාලා තියනවානම්  පරිගනකයට ඇතුල් වීමට අපිට නොහැකියි නෙ අන්න ඒවා ගේ වේලාවවට මේක අපිට බොහොම වැදගත් වෙන එකක්.

මේ වැඩේට පෙන් එකක් තියෙන්න ඕනෙ. දැන් අපි බලමු වැඩේ කොහොමද කරන්නේ කියලා..
මුලින්ම පෙන් එක සෙට් කරන්කෝ.. ආ.. වැඩි දෙනෙක් වින්ඩෝස් 7 භාවිතා කරන නිසා වින්ඩෝස් 7 වලින් මේ වැඩේ කරන විදිහ තමා මම කියලා දෙන්නේ..

දැන් ස්ටාර්ට් මෙනූ එකේ උඩින්ම අපේ Profile Picture එක තියනවානේ ඒක ඔබන්න.
දැන් User Accounts Dialog box එක ඕපන් වෙයි. ඒකේ වම් පැත්තේ මෙනූ බාර් එකේ තියනවා Create Password Reset Disk කියලා. එක ඹබන්න.
දැන් එන Wizard එකේ නෙක්ස්ට් කරලා ගිහිල්ලා අපේ පෙන් එක තොරලා දීලා නෙක්ස්ට් කරන්න. දැන් පරිගනකයේ තියන පාසිවර්ඩ් එක ටයිප් කරන්න.
දැන් Progress Complete වෙනවා පෙන්වයි ඒක ඉවර වුණාට පස්සේ Finish කරන්න. දැන් වැඩේ හරි.

 දැන් අපි පරිගනකයට ලොග් වෙනකොට අපේ අතින් පාස්වර්ඩ් එක වැරදියට වැදුනොත් පාස්වර්ඩ් ගහන තැනට පහලින් Password Reset Disk කියලා එකක් පෙන්වයි.
ඒක ක්ලික් කරපුහාම Wizard එකක් ඕපන් වෙයි. ඒකෙන් අපේ Disk එක පෙන්වලා අථත් පාස්වර්ඩ් එකක් හදාගෙන පරිගනකයට ඇතුල් වෙන්න පුථවන්..

3 comments:

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.