Wednesday, November 9, 2011

ඔබේ බ්ලොග් එක හොදින් සකසා ගැනීමට නම්..


අද මම බ්ලොග් එකක් තියන සියලු දෙනාට වැදගත් වෙයි කියලා හිතෙන බ්ලොග් එකක් කරගෙන යාම සම්භන්දව කියලා දෙන්නයි යන්නේ. හැමෝම මේ පෝස්ට් එක සම්පූර්ණෙන්ම කියවන්න.
අපි බ්ලොග් එකක් කරගෙන යාමේදී වැදගත් වෙන මාතෘකා කීපයක් ගැන මේ ලිපියේ 1 කොටසින් කතා කරමු.

  ඔබේ බ්ලොග් පෝස්ට් එකට මාතෘකාවක් යෙදීම
   මුලින්ම බ්ලොග් එකට පිවිසුන ගමන් අපිට පේන්නෙ අපේ බ්ලොග් එකට දාලා තියන පෝස්ට් වල මාතෘකා. ඉතින් මේ මාතෘකාව දැකපු ගමන් කෙනෙක්ට කියවන්න හිතෙන විදිහට මේක දාන්න ඕනෙ. ඒ වගේම බ්ලොග් සින්ඩි වලත් මාතෘකාවනෙ ලොකුවට පේන්නෙ ඒ නිසා හොද සහ අපි මුථ බ්ලොග් පෝස්ට් එකෙන්ම කියන්න යන දෙය වචන කීපයකට හදාගෙන මාතෘකාව දාන්න ඕනෙ.

     බ්ලොග් එකේ පෝස්ට් වලට පිංතූරයක් දැමීම.
අපි බ්ලොග් එකට මොකක් හරි පෝස්ට් එකක් දානකොට ගොඩක් හොද පිංතූරයක් දානවනං පෝස්ට් එක බලන අය කැමතියි. අකුරු ගොඩක්ම තියනවට වඩා පිංතූරයක් තියනකොට ලස්සනයි. ඒ වගේම ඔබට පුථවන්නම් ඔබට හදපු පිංතූරයක් දැමීමට ඒක ගොඩක් හොදයි. මොකද එතකොට අපිට අපි දාන මාතෘකාවට අදාලව පිංතූරය නිර්මාණය කරන්න පුථවන්.

  පෝස්ට් එකක් ලිවීම.
පොස්ට් එකක් ලියනකොට අපිට කියන්න ඕනෙ කාරණාව කෙටියෙන් සහ රසවත්ව කියවන්නාට එපානොවන විදිහට ලියන්න ඕනෙ. ජේද වෙන් කරලා සාමාන්‍ය ෆොන්ට් සයිස් එකක් දීල පිලිවලට ටයිප් කරලා හොදින් පෝස්ට් එක ලියන්න පුථවන්. තවදෙයක් තමා ගොඩක් ලියන බාෂාවෙන්ම පෝස්ට් එක ටයිප් කරන්න එපා. සාමාන්‍ය කතා කරන විදිහට පෝස්ට් එක ලියන්න.

  බ්ලොග් එකෙන් ලබාදෙන දේවල් ගැන සැලකිලිමත් වීම.
අපි අපේ බ්ලොග් එකේ පෝස්ට් එකකින් මොනහරි සොෆ්ට්වෙයා එකක් හරි මොනහරි විජෙට්ස් හරි දෙනවනං එම දෙන දෙය පිළිබද හොදින් සොයා බලා ලබාදිය යුතූයි. ඒ වගේ මොනහරි දෙයක් අපි බ්ලොග් එකෙන් දෙනවනං දෙන්න කලින් අපි ඒක හොදින් චෙක් කරලා බලලා දෙන්න ඕනෙ.  අපි ඒ ලබාදෙන දේවල් හරියට වැඩ කලේ නැත්නං ඩවුන්ලෝඩ් කරගත්තු කෙනාට එපා වෙනවා. එතකොට එයාට අපේ බ්ලොග් එක ගැන තියන විශ්වාසෙ බිදෙනවා. හොදම දේ අපි ලබාදෙන සොෆ්ට්වෙයා එක අපි ඉන්ටනෙට් එකෙන් අරගෙන ඒක වැඩකරනවද කියල බලල ෆයිල් අප්ලොඩ් කරන්න ලබාදෙන අඩවියකට අපේම ෆයිල් එකක් විදිහට ඕනෙනම් අපේ සයිට් එකට එන්න ලින්ක්ස් එහෙමත් දාල අප්ලෝඩ් කිරීමයි.

  බ්ලොග් අඩවියේ ටෙම්ප්ලේට් එක ගැන
මේ ගැනනම් ගොඩක් සැළකිලිමත් වෙන්න ඕනෙ. මොකද අපේ බ්ලොග් එකේ නිමාව හොද නැත්නම් බ්ලොග් එක බලන කෙනාට එපාවෙනවා පෝස්ට් කියවන්න.  මම සමහර බ්ලොග් වල දැකලා තියනවා අකුරු ගොඩක් පොඩිවට තියනවා ඒ වගේම පේජ් බැග්රවුන්ඩ් එකේ පාට නිසා අකුරු පේන්නෙත් නෑ. පෝස්ට් එකක් කියවන්න බැරි විදිහට තමා ඒ ටෙම්ප්ලේට් එක හදලා තියෙන්නෙ. පොස්ට් එක කියවනවනං ටයිප් කරලා තියන ටික හයිලයිට් කරලා තමා කියවන්න වෙන්නෙ. ඉතින් එහෙම කරන්නෙ නැතුව කියවන්නා ගැනම හිතලා ඉක්මනින් ලෝඩ් වෙ විදිහට ටෙම්ප්ලේට් එක හදාගන්න. බොරුවට ටයිම්, කැලැන්ඩර්ස් වගේ විජෙට් තියනවනම් අයින් කරලා ලස්සනට පිළිවෙලට බ්ලොග් හෝම් පේජ් එක හදාගන්න. මතක තියාගන්න ටෙම්ප්ලේට් එක හදපු කෙනාට නෙමේ තමන්ට ඕනෙ විදිහට තමාගේ බ්ලොග් ටෙම්ප හදාගන්න.

බ්ලොග් එකෙන් ඇඩ්ස් ප්‍රදර්ශණය කිරීම
 දැන්නම් කට්ටිය ගොඩක් ඔය ඔන්ලයින් මනී හොයන්න ක්‍රම දන්නවනේ දැන් හැම සයිට් එකකම වගේ ඇඩ්ස් තියනවා. හැබැයි සමහර සයිට් වල පෝස්ට් එකක කියවන්න බැරි විදිහට ඇඩ්ස් දාල තියනවා ඉතින් ඒවගේ වෙනකොට එපාවෙනව. ඒ නිසා ඇඩ්ස් දැමීමට අදාල තැනක් හදල ඒ තැනටම ඇඩ්ස් දාන්න.

තව දෙයක් තමා අපේ බ්ලොග් එකට නිස්චිත නමක් ඒ වගේම හැදින්වීමක් තිබීම අනිවාර්යයි. බ්ලොග් එකට මෙකක් හරි ලෝගෝ එකක් හදලා දාගන්නවනම් ගොඩක් හොදයි.  ඒ වගේම සිංහල බ්ලොග් එකක් නම් අනිවාර්යයෙන් සින්ඩි වලට අපේ බ්ලොග් එක ඇතුල් කරගන්න ඕනෙ.
හොදයි අපිට බ්ලොග් කරනයේදී වැදගත් වෙන කරුණු ගොඩක් කතාකරා.මෙම ලිපියේ දෙවන කොටසින් ගූගල් සහ අපේ අඩවිය, ෆෑන් පේජ් එක, විවිධ විජෙට්ස් එකතු කිරීම, බ්ලොග් ට්‍රැෆික් හා තවත් දේවල් ගැන කතාකරමු..
මම ලබාදුන්නු උපදෙස් අනුගමනය කරලා ඔබේ බ්ලොග් එකත් හොදින් සකසා ගන්න. 
මේ ලිපියෙන් ප්‍රයෝජනයක් වුණානම් මේ සයිට් එකත් ෆලෝ කරලා සහයෝගයක් දීල යන්න..

15 comments:

  1. තැන්ක්ස් අය්යා ..

    ReplyDelete
  2. @ Ranul Hashika, dream boy
    Thank you very much for coming my site and comment.. :)

    ReplyDelete
  3. දැනුවත් කළාට තෑන්ක්ස් මචං...

    ReplyDelete
  4. තැන්ක් යූ මචං..නොදන්නා දෙයක් කියල දුන්නට.

    ReplyDelete
  5. Thank you very much Udara & Nirod for your comment :)

    ReplyDelete
  6. කමෙන්ට්ස් වලට ස්තූතියි..

    ReplyDelete
  7. කොහොමද?..Blog එකට Add දාන්නෙ, ඒකත් කියලා දෙන්න පුලුවන්ද?

    ReplyDelete
  8. thnx bro.. am a new blogger and got basics of blogging from others. all d bst 4 ur exam

    ReplyDelete
  9. sindi tikak adress tiyanawa nam denawada?

    ReplyDelete

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.