Sunday, February 27, 2011

HTML Web Form එකක් පහසුවෙන් සාදා එය අපේ අඩවියට ඇතුල් කරගමු..

මම අද ඔයාලට කියලා දෙන්න යන්නේ HTML Web Form එකක් පහසුවෙන් හදාගෙන එය අපේ බ්ලොග් එකට ඇතුලත් කර ගන්නේ කොහෙමෙද කියලයි. HTML Web Form අපිට අවශ වන්නේ අපේ බ්ලොග් එකට එන අයට අපිව සම්භන්ද කරගැනීමට අවශ්‍ය වූ අවස්ථාවක මේක ගොඩක් වැදගත් වෙනවා.

දැන් අපි බලමු මේ HTML Web Form එකක් හදාගන්න විදිහ..
 මේ සදහා අපිට සේවා සපයන වෙබ් අඩවි ඕන තරම් අන්තර්ජාලයෙන් හොයාගන්න පුථවන්. මම ඔයාලට කියලා දෙන්න් Email me form වෙබ් අඩවිය මගින් සිදුකරනා ආකාරයයි.

මුලින්ම අපි මේ අඩවියේ ලියාපදිංචි වෙන්න වෙනවා. ඒකට පහල ලින්ක් එකට යන්න.
http://www.emailmeform.com/v-signup.html

දැන් අපි හදාගත්ත අකවුන්ට් එකට ලොග් වෙන්න.
මම මේ ලිපියෙන් කියන්න බලාපොරොත්තු වන්නේ අපේ බ්ලොග් එකට එන අයට අපිව සම්භන්ද කරගැනීමට පුථවන් වන විදිහේ form එකක් හදන විදිහයි..


පස්සේ Add form කියන බොත්තම ඔබන්න.
දැන් පොඩි මැසේජ් එකක් එයි ඒකෙන් 2.Take me to the form builder. I'd like to create my own  form. කියන එක ක්ලික් කරන්න. එතකොට අපිට අවශ පරිදි  form එකක් නිරිමාණය කරගන්න පුථවන්.

දැන් ඉතින් තියෙන්නේ form එක හදාගන්නයි. ඒකෙ තියන Add filed Button එකෙන් අපිය කැමති විදිහට විවිධ දේවල් අපේ  form එකට එකතු කරගන්න පුථවන්.


දැන් ඉතින් Name, Email, Web site, කියන ඒවා අපේ form එකට ඇතුල් කර ගන්න. ඇතුල් කර ගැනීමට අවශ එක උඩ ක්ලික් කරන්න.
මේකෙ සාමාන්‍යෙයන් English වලින් තමා තියෙන්නේ සිංහලෙන් දාන් ඕනෙ නම් ඒ අයිටම් එක උඩ ක්ලික් කරලා Field Label  කියන තැන සිංහලෙන් ටයිප් කරන්න.
අපේ form එකේ යටින්ම Image Verification එකකුත් යටින්ම එනවා.

දැන්  form  එක ලස්සනට හදාගෙන ඉවර වෙලා Save Form Button එක ක්ලික් කරන්න.

දැන්  form එක Save වෙයි. Save වෙලා ඉවර වුණාම මැසේජ් එකක් එයි. ඒකෙන් 4.Take me Back to the form manger. එක ක්ලික් කරන්න.
දැන් අපි හදපු   form  එකේ නමට යටින් තියනවා තව අංග ගොඩක් ඒකෙන් Code කියන බොත්තම ඔබන්න.
දන් HTML with JavaScript/CSS Button  එක ඔබන්න



දැන් අපේ Form එකේ කොඩ් එක පෙන්වයි එක කොපි කරගන්න.
ඊට පස්සේ අපේ බ්ලොග් එකේ Posting > Edit Pages > NEW PAGE එක ක්ලික් කරලා අථත් පේජ් එකක් හදාගෙන අපි කොපි කරපු කොඩ් එක පේස්ට් කරන්න.
දැන් පොස්ට් බොක්ස් එකට යටින් තියන Post Options ගිහිල්ලා ඒකෙන් Compose Settings යටතේ තියන Interpret typed HTML යන තැනට ඔබන්න..

දැන් Filter කියන් තැනට "Connect Us" කියලා වගේ නමක් දෙන්න. ඕනෙනම් සිංහලෙන්ම ටයිප් කරන්න පුථවන්. ආ.. පේජ් එකට හොද Title එකකුත් දෙන්න.

දැන් වැඩේ හරි. ඔයාගෙ බ්ලොග් එකේ Pages Widget එක නැත්නම් Page එක Publish කරන කොට අහයි Pages Widget එක බ්ලොග් එකේ කොතනටද දාන්න ඕනේ කියලා. ඒකට හොද තැනක් දීලා Publish කරන්න.

ඔයාලට තව උදවිවක් විදිහට මම වීඩියෝ එකකුත් දාන්නම්. හැබැයි මේ වීඩියෝ එක මගේ නෙම්.


දැන් අපේ බ්ලොග් එකට එන අමුත්තෙකුට අපිව සම්භන්ද කර ගැනීමට අවශ නම් ඒක ලේසියෙන් කරගන්න පුථවන්. මෙතනදී එයාල අපිට එවන මැසේජ් එන්නේ අපි Email me form  අඩවියේ ලියාපදිංචි වුණ ඊ මේල් එකටයි.

මේකෙ මොනහරි ගැටලු තියනවනම් කියන්න. උදව් කරන්නම්.
ඒ වගේම මේ ලිපියටත් කමෙන් එකක් දායි කියලා මම ඔබෙන් බලාපොරොත්තු වෙනවා...



5 comments:

ලිපිය ගැන හිතුන ඕන දෙයක් පහල ටයිප් කරලා යන්න.
ඹයාලාගේ අදහස් මට ගොඩක් වටිනවා.